This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, February 28, 2013

ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ ලු



කෙල්ලෙක් දිහා බලපු ගමන් ආදරයක් ඇති වෙන්නෙ කොහොමද?
එහෙම ඇති වෙන්නෙ ආදරයක් නෙමෙයි නේද?
අපි මොනාද එයා ගැන දන්නේ?
දැකපු ගමන් ආදරයක් ඇති වෙනවා නම් අපි ඒ ආදරය කරන්නෙ කෙල්ලට නෙමෙයි, කෙල්ලගේ රුවට නේද?
මට මගේ යාළුවෝ ගොඩාක් කියනවා "මචං මට අරකිව සෙට් කරලා දීපං, මේකිව සෙට් කරලා දීපං" කියලා.
මං ඉතින් ආදරය පිළිබඳ මහාචාර්ය කෙනෙක් වගේ ඒ හැමෝටම කිව්වේ එකම දේ.
ඒ මොකක්ද දන්නවද?
"මචං කෙල්ලෙක් සෙට් කරගන්න කලින් මේ ගැනත් හිතපං. සෙට් වෙන්න කලින් හිටපු කෙල්ල නෙමෙයි මචං සෙට් වුණාට පස්සේ. ටිකක් වෙනස් වෙනවා. අපිට සිද්ද වෙනවා ගොඩාක් කැප කිරීම් කරන්න. එතකොට සමහර විට අපිට හිතෙනවා ආදරය කරනවා යනු නිදහස නැති කර ගැනීමක් කියලා. ඒකට උඹ ලෑස්තිද? ආදරයේදී කොල්ලො හරිම ආත්මාර්ථකාමීලු මචං. සමහර වෙලාවට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කථා කරනවට, චැට් කරනවට, මැසේජ් කරනවට, class එකේ කොල්ලො එක්ක KFC යනවට පවා සමහර කොල්ලො කැමති නෑ ලු. ඒ සැකය නෙමෙයි ලු. ඇත්ත ආදරය එහෙමලු. හැම වෙලේම හිතන්නේ එයාගේ හැම දේම අයිති මට විතරමයි කියල ලු. ඒත් ඒ ඇත්ත ආදරය කියලා තේරුම් ගන්න කෙල්ලො ඉන්නේ සීයට චූටි ගානයි ලු. ආදරය කියන්න කලින් අඩුම ගානේ ඒ කෙල්ලව මාස තුනක්වත් ආශ්‍රය කරලා බලපං, උඹට ගැලපෙනවද බලපං, උඹ ගැන එයා හිතන විදිය බලපං, එයාගේ හිතේ ඉන්න සිහින කොල්ලගෙන් එයා බලාපොරොත්තු වන දේ හරියටම දැනගනින්. එයා උඹට කැමතියි කිව්වත් ඒ කැමති වුණේ උඹේ මොන හේතුව නිසාද කියලා කෝමහරි දැන ගනින්. මොකද සල්ලි වලට, පෙනුමට, වාහනේට, පවුලේ වැදගත්කමට අපි ලඟට ආපු අය අපිට වඩා වැඩිපුර සල්ලි තියෙන, වැඩිපුර වාහනයක් තියෙන, අපිට වඩා ලස්සන කෙනෙක්ගෙ වෙන්ට බැරි කමක් නෑ. මොකද එයාලා ගොඩාක් ආදරය කරේ ඒ දේවල් වලට නිසා."
මෙච්චර කල් පඬි ටෝක්ස් දුන්නට ඒක පැක්ටිකලි කරන්න අමාරුයි වගේ.

ලොල්
පෙබරවාරි විසි අට, පාන්දර තුනයි දහතුනට
නිදිමත නැති කරගන්න ගොතපු එකකි. 

Thursday, March 29, 2012

ආදරය නිසා දෙමාපියන්ට දුක් දෙන්න එපා.


තුරුණු වියේ ආදර හැඟුම් සම්බන්ධව, 

අපි ගන්න සමහර තීරණ නිසා ගොඩාක් වෙලාවට ඒකෙන් දුක් වෙන්නෙ අපේ දෙමාපියන්. 

එයාලට අපි ගැන ගොඩාරියක් ලෝභයි.

තමන්ගේ පෙම්වතා, පෙම්වතිය වෙන කෙනෙකු සමඟ කථා කරනවිට chat කරනවිට පවා අපිට ගොඩාක් ලෝභයි නේද? 

ඒ අවුරුද්දක දෙකක ආදරය නිසා. 

එසේනම් මෙලොව එළිය දුටු දා සිට අපි ගැන ධනාත්මක සිහින මවන අපේ දෙමාපියන්ට අපි වලේ වැටෙන්න යන බව හැඟුණු විට කොතරම් දුක ඇද්ද? 

මොහොතක් සිතා බලන්න. 

ආදරය නිසා දෙමාපියන්ට දුක් දෙන්න එපා. 

by සුදු තම්බියා. 

Saturday, February 25, 2012

ආදරයේ trial version එක





මේ අපි නොසිතනාම කාරණයක්. 
ආදරයටත් පරිවාස කාලයක් ඇති බව ඔබ දන්නවාද? 
ප්‍රේමයටත් ඒ වගේ පරිවාස කාලයක් තිබීම වැදගත්. 
පෙම්වතා පෙම්වතිය තෝරාගත් පමණින්ම ඔහු ඇය විවාහක සහකරු සහකාරිය ලෙස තීරණය නොකරන්න. විවාහයට සුදුසුකම් ඔහු තුල ඇය තුල ඇත්දැයි බලන්න. 
ඒ සඳහා කාලයක් අවශයයි. 

ප්‍රේමයේ පරිවාස කාලය තුළ ඔබේ පෙම්වතා පෙම්වතිය විවාහය සඳහා නොගැළපෙනවා යැයි හැඟුණොත් සුහඳව සාකච්ඡා කර වෙන්වන්න. 

ඔහු හෝ ඇය ගැන අනුකම්පාවෙන් සම්බන්ධතාවය දිගටම පවත්වා ගැනීම හෝ විවාහ වීම ඔබ ඔබට පමණක් නොව ඔහුගේ ඇයගේ ජීවිතයට කරන අසාධාරණයක් බව සිතන්න. 
සැමවිටම හැඟීම්වලට වඩා බුද්ධියට මුල් තැන දෙන්න. 
එවිය ඔබේ ආදරය සුන්දර වනවා නොඅනුමානයි. 

ඔබට සුබ අනාගතයක් !!

Monday, December 19, 2011

(අ) සම්මත ආදරය






සංසාර පුරුද්දෙන්
අහඹුවෙන් 
මුණගැසුණු 
ඒ........
(අ) සම්මත ආදරය
මියැදෙන්නට
මොහොතකට කලින් හෝ
ළංකල නියාවට 
ආදරෙයි, ආදරෙයි, ආදරෙයි 
මා දිවි දෙවැනිකොට........ 
ඉඳින්....... 
මං,
අද පටන් 
පුරන්නම් පාරමී......... 
ඔබ මගේම වන්නට 
මතු භවයෙවත්...........

Friday, December 16, 2011

ආදරේ, අහස තරම්..





නිසල රැයකදී සසල වුනි මගේ හිත,

නැවතුනෙමි සදාකාලිකවම ඔය අහිංසක දෙනෙත් අභියස, 


ඒ සොඳුරු දෙනුවන් දුටු විටම වැටහුනෙමි මට අහිමි බව,


කල්ප කාලයක් පෙරුම් පිරූ නිසාවෙන් සැබවින්ම....


මට අහිමි නිසාවෙන්, දුක වාවාගනු බැරිව ඉකිගසා හැඬුවෙමි. 


නමුදු.....


අහිමි වග දැන දැනත්, මම නුඹට ආදරෙයි පෙරසේම.

Thursday, December 15, 2011

CRICKET ZESTA සිහිනය සැබෑ කරගත් අයුරු I කොටස

සැ.යු. මේ පෝස්ට් එක කියවලා කව්රුත් කා එක්කවත් තරහ වෙන්න එපා. මේක ලියන්නෙ හුදෙක් විනෝදය සඳහා හා අපේම අඩුපාඩු පෙන්වා දීමටයි.

2011 ජනවාරි 19 වන දින NIBM මුල්ම CRICKET ZESTA ඉතා සාර්ථකව නිමවූ නිසා 2011 වර්ෂ අවසානයේදීද නැවතත් ක්‍රික්‍රට් තරඟාවලියක් පැවැත්වීමට බොහෝ දෙනෙක්ට ලොකූ උවමනාවක් තිබුණා.

A : මචං, තව මැච් එකක් ඕගනයිස් කරපංකෝ. කාලෙකින් මැච් එකක් ගැහුවෙ නෑ බං.
B : අනේ බෑ බං. සර් ඕකට අවසර දෙන එකක් නෑ.
A : නෑ නෑ එහෙම වෙන එකක් නෑ. අපි ගිහින් කතා කරමු.
C : අපි සප් එක දෙන්නම් මචං. වැඩේ කරමු කෝමහරි.
B : හරි හරි බලමු බලමු. මේ exam එකෙන් පස්සෙ මොනාහරි කරමු.


ඕන්න ඒ exam එකත් ඉවර වුණා....

දිනක්, කැන්ටීන් එකේදී. . . . . . .

A : අඩෝ, exam ඉවරයි නෙ. සර්ගෙන් මැච් එකේ වැඩේ ඇහුවද?
B : පිස්සුද යකෝ. ඕකට අවසර දෙන එකක් නෑ බං. ඕක අහන්න ගිහිං නෝන්ඩි වෙනවා බං.
A : නෑ නෑ. වරෙං යන්න. ගිහින් අහල බලමු.
B : ඔහොම ගිහිල්ල බෑ. plan කරගෙන යං. අද බෑ. වෙන දවසක බලමු.
A : හම්ම්.. ඉක්මන්ට කරන මඟුලක් කරහංකො.


ඕන්න දැන්නම් මැච් එකක් තිබීමේ අවශයතාවය තඳින්ම දැනුනා. සුපුරුදු පරිදි NIBM එකේ දවසේ වැඩ අවසන් කරලා class එකත් කරලා 6.30ට විතර ගෙදර ගියා. දැන් ඔලුවෙ තියෙන්නෙ මැච් එක.

මැච් එකට NIBM එකෙන් අවසර දෙයිද? මැච් එක තියන්නෙ කවදටද? මැච් එක තියන්න කියන අය මට සප් එක දෙයිද?
මැච් එකට සල්ලි හොයන්නෙ කොහොමද? මැච් එක දවසෙත් මුන් ගහගනීද?


මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන වැඩේනම් හිතපු තරම් ලේසි වුණේ නෑ.

වෙලාව 08:30 විතර ඇති. කරන්නම දෙයක් නැති නිසා මැච් එකේ budget එක හදන්න පටන් ගත්තා. CRICKET ZESTA 2011 සඳහා budget එක 110000/=යි.

තනිව සිතමින්. . . . . .

ඕ..ඕ..ඕ.. කොහෙන් හොයන්නද අෆ්ෆා. මැච් එක හීනයක්ද මන්දා. පොඩියට කරලා හරියන්නෙ නෑ. අපි ගාල්ලෙ වැදගත්ම ආයතනයනෙ.එහෙම කරොත් වැඩේ නෝන්ඩිනෙ.ලොකුවට එහෙම කිව්වට 110ක් කොහොමද හොයන්නෙ? ළමයින්ගෙන් එකතු කරමුද? 110 එකතු කරගන්න පුලුවන් වෙයිද? NIBM එකේ ළමයි කීයක් විතර ඉන්නවද?
එවෙලෙම NIBM site එකට ලොග් වුණා. 
ෂා... ගාල්ලෙ කෝසස් 20ක් තියනවනෙ. ඒ කියන්නෙ ලමයි 800ක් විතර ඉන්නවා.සීය බැගින් එකතු කරමු. එතකොට 80000යි.
අපොයි 800ම සල්ලි දෙයිද?? නෑනෙ. වැඩිම වුණොත් 400ක් සල්ලි දෙයි.ඒ කියන්නෙ 40000යි. අපොයි මදීනෙ.ඉතුරු 70 කොහෙන් හොයන්නද?? අපි 150 බැගින් එකතු කරමු. ළමයි 400ක් සල්ලි දුන්නොත් රු.60000/= ක් එකතුවෙනෝනෙ. මේපාර අනිවා ටීමස් 15ක් එනවා. මදි ටික ඒකෙන් කවර් කරගමු.

ඕන්න ඒ මනෝ දවසත් ගෙවුනා. :ඩී

පසුවදා උදෙන්ම NIBM ගියා. මැච් එකේ සම්පූර්ණ plan එක කලේට පැහැදිලි කරා.

K : මචං 400ක් 150 බැගින් දෙයිද?
B : අපි හරියට කිව්වොත් නොදී ඉන්න එකක් නෑ බං. ලක්ෂ ගණන් දීලා degree කරන අයට 150ක් කියන්නෙ මොකද්ද බං. 
      දෙයි දෙයි. සීනිය'ස්ලා 200කට වැඩියෙන් ඉන්නවනෙ බං. ඒ සල්ලි නම් අනිවා ලැබෙනවා. ඒක ශුවර්.
      ඔය CCS, English කෝසස් අලුත් Degree Batch වලින් 200ක් සල්ලි දෙයි බං. try එකක් දෙමු. 
K : හම්.. හම්... ඔව් සීනිය'ස්ලගේ සල්ලිනම් ශුවර්. අලුත් එවුන්ගෙන් සල්ලි ගන්න වැඩේ තමයි ශුවර් නැත්තේ.
B : හම්ම්.. අපි බලමුකෝ. අපි අපේ plan එක සර්ට කියමුකෝ. බැනලා එලවයිද දන්නේ බං.
K : අපි??. අනේ මං නම් එන්නෙ නෑ. උබ ගිහිල්ලා වරෙන්.

ඕන දෙයක් වුණුදෙන් කියලා සර් ළඟට ගියා. . . . . . . 

II කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න. :ඩී




















Sunday, November 13, 2011

අවාසනාවට ඇත්ත ආදර කතාවක්.....







මම මේ කරන දේ කොච්චර දුරට හරිද වැරදිද කියන එක ගැන මම දන්නෙ නැහැ.
මට ඕනෙ මගේ කෑලි කෑලි වලට කැඩිලා ගිය හිත ආයෙත් හදාගන්න නෙමෙයි.
මොකද ඒක කැඩිලා තියෙන විදිහට ආයේ හදන්න මම කොචිචර උත්සහ ගත්තත් ඒක හදන්න බැහැ.
ඒ හින්දා මම දැන් ඒකට මහන්සි වෙන්නෙ නැහැ.
ඒකයි ඔයාට හැම තිස්සෙම හිතෙන්නේ මට තියෙන්නෙ කිසිම හැඟීමක් දැනීමක් නැති ගල්ම ගල් හිතක් කියලා.
මට ඕන වුනේ ඒ ගල් හිත යට තියෙන වේදනාව, දුක ඔයාට දැනෙන්න දෙන්නෙ නැතිව ඉන්න.
ඉතින් එහෙම ඉන්න ඉන්න ඒ හිත තවත් ගල් වෙනවා.  
මම කාට හරි ලං වුනොත් ඒ දේ මට නැති වෙනවා කියන එක මම පොඩි කාලේ ඉදන් අත්දැකපු දෙයක්.
ඒක දැනටත් එහෙමයි.ඉස්සරහටත් එහෙම වෙයි.
ඉතින් මම හැම වෙලාවෙම හිතුවෙ කාවවත් ලං කර ගන්නෙ නැතිව තනියම ඉන්නවයි කියලා.
ඒත් මට නොදැනීම ඔයා මට ලංවෙලා.
දැන් ආයෙත් මට තනියම ඉන්න පුරුදු වෙන්න කාලේ ඇවිත් කියලයි මට හිතෙන්නේ.
මට මේ කිසිම දෙයක් එපා කියලා දමල ගහලා යන්න බැරි තරමට මගේ හිතට බර පැටවිලා.
ඒ ගැන හිත හිත අඬලා අඬලා මටම ඇති වෙලා.
දැන් මට ඕනෙ මගේ ජීවිතය ඒවා වෙනුවෙන් කැප කරන්න.
ඔයා කියනව වගේ මගේ හිත ගල් කරගෙන ඉන්න තියෙනවා නම් ,අද මට දැනෙන මේ දුක,ඇස් වලින් එන කඳුලු වලට ඉඩක් නැති වෙන්න තිබුනා.
මගේ ආගමේ හැටියට තමන්ට අයිති නැති දේවල් වලට ආස කරන එක පවක්.
ඒත් මම දැන දැනම ඒ පව කරනවා.
මං හිතන්නෙ ඔයා අදහන ආගමෙත් එහෙමයි.
ඔයාගෙන් ලැබුනු ආදරේට මම ගොඩක් ලෝභයි.
ඒ හින්දා වෙන්න ඇති.මම මැරීගෙන ආදරේ කලත් කවමදාවත් ඔයා මගෙ නෙමේ කියලා මම දන්නවා.
කිසිම තේරුමක් නැති නමක් නැති සම්බන්ධයක් අපි දෙන්නා අතරේ තියෙන්නෙ කියලා ඔයා මට සැරෙන් සැරේ මතක් කරලා දුන්නත්,ඒ සම්බන්ධයට නැවතුම තියන්න හදද්දි ඔයා තව අකුර අකුර එකතු කරනවා.
පස්සෙ අකුරු වචන වෙලා වාක්‍ය වෙලා ඡේද වෙලා ආයෙත් පරණ කථාවම පටන් ගන්නවා.
ඉවරයක් වුනේ නැහැ.
ඔයාට කියලා ජිවිතයක් තියෙන්න ඔනෙ.ඔයා මා එක්ක ඉන්නකං ගොඩාක් දුක් වින්දා.
දුක පිටි පස්සෙ තියෙන සතුට කවදහරි ඔයා ගාවට ඒවි.
ඒත් මම ඉන්නකම් කවමදාවත් ඒකවත් හම්බ වෙන්නෙ නැතිව යයි.
ඒ තරමට මම අවාසනාවන්ත කොල්ලෙක්.
මට ඕනෙ මගේ අවාසනාව ඔයාගෙන් ඈත් කරලා තියාගන්න.
ඔයාගේ සතුට බලන්න මම ආසාවෙන් බලන් ඉන්නවා.
මං ගැන කවමදාවත් වැරදියට හිතන්න එපා.
ඔයාගෙන් මට ලැබුන ආදරේ හැමදාම මම ආදරෙන් තියා ගන්නවා.
මම ජීවත් වෙලා ඉන්නකං ඒක පරිස්සමෙන් මම බලා ගන්නවා.
ඒ දේ තරම් වටින දෙයක් මට කවුරුත්ම දීලා නැහැ.
ඔයාගෙන් මට ලැබුන ආදරේට මට ස්තුති කරන්න බැහැ.
ස්තූති කරලා ඔයාව පිට කෙනෙක් කරන්න බැහැ.
ඒකට ගොඩාක් පින්.
අද මම ඔයාගෙන් ඈත් වෙලා ගියත් ඔයාට ඕනෙ වෙලාවට මම ඔයා ගාව ඉඳීවි.
ඒත් අපේ තේරුමක් නැති අරමුනක් නැති නමක් නැති ආදර කථාව නම් අදින් පස්සෙ ලියවෙන එකක් නැහැ.