Saturday, June 4, 2011

සිතින් විතරක් පෙම් කරන්නම්


ජීවිතය කියන්නෙ බලාපොරොත්තු වලින් පිරිච්ච, කියන්න වචන නැති දෙයක්..
අපි අපේ ජීවිතයේ ගොඩක් බලාපොරොත්තු ඇති කරගන්නවා.
කාලෙන් කාලෙට ඒවා අලුත් වෙනවා.
ජීවිතයේ සමහර කාලවලදී ඇතිකරගත් බලාපොරොත්තු සිහිකර තවත් කාලවලදී පසුතැවෙනවා.
හිතුවටත් වඩා හොඳින් ඉෂ්ට වුණු බලාපොරොත්තු සිහිවුනාම මාර සතුටකුත් දැනෙනවා..
ඉටු නොවන බලාපොරොත්තු ඇතිකරගන්න අය දිහා බලලා සමහරු අහසේ මාළිඟා හදන්න එපයි කියනවනෙ ?
උත්සාහවන්තයා ජයගනී කියලා පඬියෝ කිව්වට,
try and try one day you can fly කියලා සුද්දා කිව්වට,
කව්රුත් අහසේ මාළිඟා හදන්න නම් උත්සාහ කරන්න එපා.
එහෙම උත්සාහ කරොත් අපේ පුංචි හදවත් වලට දුක හිතෙන එක අහන්න දෙයක්දනෙ ? ?


4 comments:

එක නම් ඇත්ත.. කොච්චර කිවුවත් අපි හින එක්ක තමයි ජිවත් වෙන්නේ..බලාපොරොත්තු තියා ගන්නවා කියන්නෙත් එක්තරා විදිහකට සිහිනයක්.. එත්............. බලාපොරොත්තු නැතුව කොහොමද ජිවත් වෙන්නේ....

බලාපොරොත්තුව මිනිසා ජීවත් කරවයි .......

මම හිතන විදියට බලා පොරොත්තුවලයි හීන වලයි ලොකු වෙනසක් තියෙනවා... දිගටම ලියපන් තම්බියා....

බලාපොරොත්තු හොඳයි ඒවා හොඳ අතට විහිදෙන ඒවා නම්. ඒත් නොලැබෙන දේ, නොලැබෙනවා කියලා දන්න දේ ගැන බලාපොරොත්තු තියාගෙන ඉදලා වැඩක් නෑ මල්ලි..