This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, October 5, 2011

එකමත් එක සොඳුරු හැඳෑවක, සොඳුරු හදවත් පෙළක්, එකට විනෝද වුනු දවසක්...... I කොටස

මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ පෝස්ට් එක කා එක්කවත් තියෙන පෞද්ගලික තරහකට ලියන එකක් නෙමෙයි. ආතල් එකට ලියන එකක්. ඉතිං මේක කියවලා කව්රුත් කා එක්කවත් තරහ වෙන්න එපා හොදේ.

මාතෘකාව නම් ගොඩාක් දිගයි. සම්පූර්ණ විස්තරය ලියන්න ගියොත් මාර්ටින් අංකල්ගේ උපන්දා සිට වගේ වෙනවනෙ. අපි ලොකුවට පටන්ගෙන පොඩියට ඉවර කරමු හරියැ.

ඇත්තටම ඊයේ සිරා දවසක්. මොකද අපි NIBM එකේ කොල්ලො set එකක් trip එකක් ගිහිල්ලා විනෝද වුනා. ඇත්තටම සිරාම දවසක්.

මේ අදහස මුලින්ම ආවෙ course එක පටන්ගෙන මාස දෙකකින් විතර. නමුත් අපේ class එකේ ක්‍රියාකාරී කෙල්ලොන්ගේ ඉල්ලීමකට අනුව trip එක කල් දාන්න වුණා. (ඒ ගැන දැන් කතා කරලා වැඩක් නෑ)

දන්නෙවත් නැතුව කාලය ගෙවිලා. course එක පටන්ගෙන මාස 6කට පස්සෙ trip එකක් යන්න අයෙමත් අදහසක් ආවෙ අපේ class එකේ අන් සතු මලකට පෙම් කරන පුද්ගලයෙකුටයි.
"මම ලේසියෙන් වැඩකට අත ගහන්නෙ නෑ. වැඩකට බැස්සොත් අතාරින්නෙත් නෑ"    හා
"පිටින් කව්රුත් trip එකට සහභාගී කරවගන්නේ නෑ"
කියලා පොර ටෝක් දුන්නු කෙනා මල අහපු ගමන් මලේ අයිතිකරුට trip එකට සහභාගී වීමට කැමැත්ත පලකර class එකේ කොල්ලොන්ගෙන් නෝන්ඩි වීම නිසා "මං trip එකේ සීන් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා" කියා නිදහසට කරුණු කියලා  යන්න ගියා. :D

ඕන්න ඉතින් කෝමහරි trip එක organize කරන වැඩේ වෙන කෙනෙක්ට භාර වුණා. නව සංවිධායක තුමාගේ සැලැස්ම අනුව,
class එකේ සියලුම ලමයි සහභාගී වෙනවානම් එක්කෙනෙක් රු 600 ක මුදලක් දියයුතු බවද,
trip එක යන්නෙ කන්නෙලිය බැලීමට බවද,
දිනය ඔක්තෝම්බර් මස මුල් සතියේ lectures & practical නැති දවසේ බවද  සදහන් වුණා.

class එකේ ගොඩාක් girlsලගේ තීරණ හා සමහර boysලගේ තීරණ පරායත්ත නිසා (අනුන් මත වෙනස් වන නිසා) හා girlsලගේ ගෙවල් වලින් හා දෙන්නට දෙන්නා තේරුම් ගැන ආදරය කරනවයි කියලා හිතන් ඉන්න අයගේ අයිතිකරුවන්ගෙන් යුධ ප්‍රකාශ වීමේ හේතු නිසා අවසානයේ boysලා 16 දෙනෙක් van එකක trip එක යෑමට තීරණය වුනා.
trip එක යන්න කලින් දිනයේ දහවල් වට මේස සාකච්චාවක් කැඳවූ සංවිධායක තුමා, 7ට ගාල්ලෙන් පිටවන බවත්, 6.45ට විතර NIBM එක ලගට පැමිණ සිටියයුතු බවත්, ඕනෑම ඇඳුමක් ඇඳිය හැකි බවත් ප්‍රකාශ කරා.

ඕන්න ඉතිං නොඉවසිල්ලෙන් බලා සිටි ඒ ලස්සන දවස උදා වුණා.

hallo මචං.. good morning !
ආහ් මචං.. morning morning..
අඩෝ මාර වැඩේනෙ බං. මට toilet යන්න ඕන යකෝ.
ඉතිං පලයන්කෝ... සික්කට කියලා පලයං.
(සික්කගෙන්) අය්යෙ මෙහ්.. මං toilet එකට පොඩ්ඩක් ගිහිං එන්නද ?
අනේ මල්ලි. t-shirt එකේ colour එක නෑ. අනෙක short එකත් එක්ක යන්න දෙන්න බෑ.
කලු මූණ තවත් කලු කරගත් ඔහු සංවිධායක තුමා දෙසට හැරී . . . . .
මොන හු***ද..,  ලක්ෂ ගනන් දීලා degree කරනවා. හදිසියකට toilet යන්න බෑ මගුල...
හරි හරි බං ඕක යන ගමන් දාන්න බැරිය... :P

මොනා නැතත් අපේ යාලුවෝ වෙලාවට කලාවට වැඩ කරන නිසා සියලු දෙනා හරියටම කියපු වෙලාවට NIBM එක ලඟට පැමිණ සිටි නිසා යන්තං 7.45 විතර වන විට ගාල්ලෙන පිටත් වෙන්න පුලුවන් වුණා...

trip එක යන අතරතුර හා කන්නෙලියේදී සිදුවූ සියලු විස්තර මඩ සහිතව II කොටසේ බලාපොරොත්තුවන්න..