Tuesday, September 27, 2011

මගේ ලොවම හීනයක් වෙලා. . .

ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්.
අපි දහක් දේවල් වලට කැමති වුනත් ඒකෙන් අපිට ලැබෙන්නේ 10ක් විතර.
එහෙම වුනා කියලා අපි අඬ අඬ ඉන්නවද?
සමහර දේවල් තියෙනවා අපිට ලැබෙන්නෙත් නැති, ඒත් නැතුව බැරි දේවල්.  
ආදරය වගේ.
අපිට ඕන ආදරය ලැබුනෙ නෑ කියලා මැරෙනවද ? නෑ නේද ?
අපි බලන් ඉන්නවා ඒ ආදරය කවදහරි අපිට ලැබෙයි කියලා.
ඉතින් ඒ බලාපොරොත්තුවම ඇති නේද අපිව ජීවත් කරවන්න.
හැම නිතරම බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ.
සමහර වෙලාවට අපි දකින හීන කවදාවත් හැබෑ වෙන්නෙ නෑ.
ඒත් ඒ හීන කොච්චර ලස්සනද?
මට නම් හිතෙන්නෙ ජීවත් වෙනව කියන්නෙ  අපි දකින ලස්සන හීන, හැබෑ කරගන්න මහන්සි වෙන එක කියලා.
මං හරි නේද ??

2 comments:

හීන ගැන නම් මම වැඩිය විශ්වාස කරන්නේ නැහැ,තරහ වෙන්න එපා මම කාලයක් හීන දැක්ක තමා එත් දැන් මම ඇත්ත එක්ක ජීවත් වෙන්න උත්සහ කරනවා,අපි අපි ගැන විතරක් හිතන එක පොඩ්ඩකට නවත්තල අනුන් ගැනත් හිතනවානම් එතනින් එහාට අපි හිතන දේවල් සැබෑවටම වෙද්දී එතනින් ලැබෙන සතුට ......ඒක කොහොමද කියල කියල නිම කරන්න බැහැ.තව එකක් අපිට සබැ නොවිච්ච හීන වෙන කෙනෙකුට සැබෑවෙන්න ඉඩ හදල දෙන එක.....පුළුවන් නම් කරලම බලන්නකෝ.

තව එකක් ඔයාගේ බ්ලොග් එකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න,එක කොමෙන්ට් දාන අයට උදව්වක් .

ඔව් සහෝදරයා උඹ හරි..ජීවිතයේ නොලැබෙන දේවල් වලට කෑගහනවට වඩා ලැබෙන දුක හරි තනිකම හරි බාරගන්න එක වඩා වටිනවා..මමත් ඒක තේරුම් ගත්තේ බොහෝම මෑතකදි