Sunday, August 14, 2011

කියවන්න එපා


සමවෙන්න, ඔබ මෙහි මාතෘකාව නොදුටු වේද?
මෙය නො කියවා අතහැරීමට කර තිබෙන අවවාදය නො පෙනුනේද? එසේ වු කලී මෙය කියවන්නේ මන්ද? මෙය අත්හරින්න.
මෙහි ගත යුතු කිසිවක් නැතිබව මම ඔබට සහතික කර කියමි. එම නිසා මෙය කියවීම නවතා වෙන එකක් කියවන්න.
ඔබ තවත් නොනවත්වාම කියවන්නේ ඇයිද? ඔබ ඔබේ කාලය නාස්තිකරනවා පමණකි. මේ මොහොතේදීම මෙය කියවීම නවත්වන්නට තරම් චිත්ත ශක්තියක් ඔබට ඇති බව දැනගන්න.
තවම තේරුණේ නැද්ද? නවතින්න!
ඔබ දැන් මෙයින් හරි අඩක් පමණ කියවා ඉවරය. ඔබ තවමත් කියවන්නෙහිය.
මීළඟ පෙලට නොගොස් මෙතනදී නවතින්නට ඔබට නොහැකිය. නැත්නම් ඔබට හැකිද?
නොහැකිය.. මා කීවා හරි නොවේද?
කුමන අර්ථයක් පිණිස ඔබ මෙය කියවන්නෙහිද?
මෙහි කිසිම අර්ථයක්  නැත.
නමුත් ඔබ මෙය කියන්නේ දපනය වැටුණු අයෙකු මෙන්ය. ඔබ මගේ ලිපියට වශී වී ඇත... මා වැරදිද?
ඔබට තවමත් කුතුහලය ඇත. මා නැවත කියමි.
දැන් ඇති. වෙන එකක් කියවන්න.
තවත් කියවීමට ඇත්තේ පේළි කිහිපයක් පමණි.
ඔබේ හිතේ විර්යය යොදා ඒ ටිකවත් නො කියවා සිටින්නට හකි බව පෙන්වන්න.
ඔබේ කුතුහලය වැඩිය. මෙහි අන්තිම වචනය දක්වාම ඔබේ කාලය අපතේ යවන්නයි මගේ කැමැත්ත. ඉන් සිදුවුයේ ඔබ කාලකන්ණියෙකු වීම පමණයි. පිළිගන්නවාද?





2 comments:

ඔන්න මම නම් මේම් පෝස්ට් එක කියෙව්වේ නෑ. යන්තම් ඇඟිලි අස්සෙන් ටිකක් විතර බැලුවා විතරයි.

මම නම් කියෙව්වේ නෑ.. හී හී හී